Tuesday, August 13, 2019

ජ්‍යෝතිෂ විද්‍යාව යනු කුමක්ද ?

ජ්‍යෝතිෂ  විද්‍යාව  යනු  පරක්  තෙරක්  නොමැති  මහා  සාගරයක්  බඳු  විෂයකි. මෙම  විද්‍යාවට  දීඝ  ඉතිහාසයක්  ඇත. ලෝකය  ඇති වු දා  සිටම  මෙම  විද්‍යාව  ආරම්භ  වුවායැයි  මත  ප‍්‍රකාශ  වල  සදහන්  වේ. මෙම  විද්‍යාව  තාරකා  විද්‍යාව  හා  පදනම්  වී  ඇත. ග‍්‍රීසිය තාරකා  විද්‍යාවේ  මාතෘ  භූමිය  හැටියට  ඇතමුන්ගේ  මතයයි. එසේ  නමුත්  ගී‍්‍රසී  වැසියන්  වනචාරීව  ජීවත්  වු  කාල වකවානුවේදී  අරාබි  හා  මිසර  ජාතිකයන්  තාරකා  විද්‍යාව  පිළබදව  පරීක්‍ෂණ  කටයුතු  කර  ඇති  බව  ඔවුන්ගේ  ඉතිහාස  ග‍්‍රන්ථ වල  සදහන්  වේ. මේ  පිළිබද  තවත්  ඔබ්බට ගියවිට  කි‍්‍රස්තු  වර්ෂ  ආරම්භ  විමට  අවුරුදු  3239  ට  පමණ  පෙර  තාරකා  විද්‍යාව  පර්සියාවෙන්  ලැබුනු  දායාදයක්  හැටියට  පර්සියන්  ඉතිහාසය  තුල  සඳහන්ව  ඇත. ඊජිප්තුවේ  ඉතිහාස  තොරතුරු  විමසන  විට  අවුරුදු  6993  ට  පෙර  ඊජිප්තු  රජවරුන්ට උපදෙස්  දීම  සදහා නක්‍ෂත‍්‍ර  ආචායඥාවරුන්  සිටි  බව  අනාවරණය  වේ.  මෙසේ  අප  පවසන්නේ  දැනට  අප  දන්නා  ඉතිහාස තොරතුරු  අනුව  වුවත්  අප  නොදන්නා  ඉතිහාසය  තුල  ජ්‍යෝතිෂ  විද්‍යාව  මුල්  බැස  විහිදී  ඇති  බවය. ඒ  නිසා  කිසිවෙකුටවත්  ජ්‍යෝතිෂ  විද්‍යාවේ  ආරම්භය  කුමන  රටේ  කුමණ කාල වකවානුවක ආරම්භ වුවාදැයි  කිව  නොහැති  තරම්  වු  ගැඹුරු  ඉතිහාසයක්  දක්වා  දිව  යන  බවය. කෙසේ වුවත් තාරකා  විද්‍යාව  හා  ජ්‍යෝතිෂ  විද්‍යාව  එකට  සංකලනය  කර  වඩාත් ඔපවත්  කර  ගි‍්‍රසී  රටේ  විද්‍යාවක්  හැටියට  අනෙක්  රට වලට හඳුන්වා  දී  ඇති  බවයි. ඊජිප්තුවෙන්  අරාබි  රට වලටත්  එයින්  පර්සියාවටත් අනතුරුව ග‍්‍රීසියටත් ගි‍්‍රසියෙන්  ඉන්දියාව  හරහා  ලංකාවටත්  පැමිණ ඇතැයි සලකනු ලැබේ. ලංකා ඉතිහාසයේ දැක්වෙන රාවනා  රජුගේ  පියා  වන  පුලස්ති රජ තුමා සෘෂිවරයෙක්ව  සිටි  බව  පැවසේ. ඔහු  ජ්‍යෝතිෂ විද්‍යාව  වඩ  වඩාත් ඔපවත්  කළ  බව  පොත  පතේ  සදහන් වන කරුණකි. ” ඔඞ්ඞීශ තන්ත‍්‍ර ” නමැති  ග‍්‍රන්ථයේ  සදහන්  වන පරිදි රාවණා රජු ද ජ්‍යෝතිෂය පිළිබද හසල දැනුමක් ලබා  සිටි  බව  පැවසේ.
                                ජ්‍යෝතිෂ විද්‍යාව ඉන්දියාවෙන් ලංකාවට ලැබෙන විට ලංකාව තුලද  එක්තරා ආකාරයකට මෙම  විද්‍යාවේ මුල ධර්ම කි‍්‍රයාත්මක  වී  ඇති  බව  ඉතිහාසය සාක්ෂි ඇත.  මේ ආකාරයට ජ්‍යෝතිෂ විද්‍යාව අද දක්වාම  නොනැසි  පැවැත්ම තුලින්ම මෙම විද්‍යාවේ අමිල වු  වටිනාකම  පිළිබිමු  වේ. යම්කිසි විෂයක්  තුල  අසත්‍ය  බව හා ප‍්‍රයෝජනයක්  නොමැති  විට  එය  ජනතාව ප‍්‍රතික්‍ෂේප කිරීම  සිදු  වේ. එවිට එම විෂය ධාරාව ඉදිරියට  ගලා යනවා වෙනුවට වියැලි  යන  තත්වයට  පත් වේ. එහෙත්  ජ්‍යෝතිෂ  විද්‍යාව නිවැරදි වුත් ඵලදායකවුත් සත්‍යවාදි වුත් විෂයක් නිසා  පරම්පරාවෙන්  පරම්පරාවට  අභිමානයෙන්  ගලා  යන  විෂයක්  බවට අද  දක්වාම  පත්  වී  ඇත.
                           ජොති  හෙවත් ජනදස් , ශෝභා , කල්ප ශාස්ත‍්‍ර , ජෝති  ශාස්ත,   සඛ ශාස්ත‍්‍ර , නිරුක්ත ශාස්ත‍්‍ර  යන  ෂඞ්  වේදාන්තයේදි  4 නි ස්ථානයට     පත්ව  ඇත්තේ  ජ්‍යෝතිෂ  විද්‍යාවයි. මෙයින්  ජ්‍යෝතිෂ  විද්‍යාවේ  වටිනාකම  හා වැදගත්කම  මැනවින්  පැහැදිලි  වේ. පුරාණ  සෘෂිවරුන්  ජ්‍යෝතිෂ  විද්‍යාව ආලෝක  විද්‍යාව යනුවෙන් ද  හඳුන්වා  ඇත. අඳුරේදි  යමක්  සොයා  බැලීමට  ආලෝකය  උපයෝගි  කර ගත  හැකිවාක්  සේ  මිනිස්  ජීවිතයට  බලපාන  යහපත  හා  අයහපත  පිළිබදව  තොරතුරු  සොයා  බැලිම  සදහා  ජ්‍යෝතිෂ  විද්‍යාව  මගින් සිදුවේ.